BREAKING NEWS
Search

අනියම් පෙම්ක් නිසා වියරු වූ පෙම්වතා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වෙලා යකා නටයි

300
අනියම් පෙම් කතාවක් නිසා සිදුවුණ භයානක සිදුවීමක් ගැනයි මේ කියන්න හදන්නේ…
කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකු ඒජන්සි හිමිකරුගේ ගෙල කපා එහි සේවිකාවකට පහරදී තිබෙනවා.

අනතුරුව සැකකරු සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

කුරුණෑගල, නාවින්න ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ඒජන්සියකදී සිදුවීම වාර්තා වූ බවද පොලිසිය පැවසුවා.

සැකකරු හසලක ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු බව පැවසෙන අතර ඔහුගේ අනියමි බිරිඳ බව කියන කාන්තාවක ⁣මෙම රැකියා ඒජන්සිකරු මාර්ගයෙන් “කුවෙටි” රටට ගෘහ පාළිකාවක් වශයෙන් යවා තිබෙන බව කියැවෙනවා.

ඇය දුරකතනයෙන් සමිබන්ධකර දෙන්නැයි ඉල්ලා සිටියත් එය ඉටුනොවීම නිසා වූ බහින් බස්වීමකදී මෙම පිහි ප්‍රහාරය එල්ලවී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය වාර්තා වීමත් සමග ක්‍රියාත්මක වූ කුරුණෑගල මූලස්ථානය පොලීසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සැකකරු පිහිය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාලකරු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාරග පවසන්නේ.

මේ අතර පහර කෑ එම කාර්යාලයේ සේවය කළ කාන්තාව රොහල්ගත කළ බව පොලීසිය පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *