BREAKING NEWS
Search

පොල් නැතුව මිනිස්සු දුක් විදිද්දී පොල් ගස් 400ක් විනාශකරලා

143

තන්තිරිමලේ, කුඩා මල්මඩුව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුළු වී ඇති වන අලි රංචුවක්, එම ඉඩමේ  තිබූ  පොල් ගස් හාරසීයක් පමණ සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බව වාර්තාවේ.

විල්පත්තුව රක්ෂිතයේ සිට ගම් වැදී ඇති මෙම වන අලි රංචුව මෙලෙස හානිකර ඇත්තේ  ඇත්තේ  තන්තිරිමලේ කුඩා මල්මඩුව ප්‍රදේශයේ පදිංචි යමුනා  රෝහිනී මහත්මියට අයත් පොල් ඉඩමකි.

තමන් බැංකු ණයක් ලෙස ලබා ගත් රුපියල්, ලක්ෂ විස්සක මුදලක් වැය කරමින් මෙම පොල් වගාව ආරම්භ කළ බවත්, එම  පොල් වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ වන අලින් විසින් විනාශ කර දමා ඇතැයි රෝහිනී මහත්මිය මෙහිදී සඳහන් කළාය.

තන්තිරිමලය හා ඒ අවට ප්‍රදේශයේ නිරන්තරයෙන් සැරිසරන මෙම  වන අලි රංචුව විල්පත්තුව රක්ෂිතයට පලවා හැර දමා, එම රක්ෂිතය වටා ශක්තිමත් විදුලි වැටක් ඉදි කර තමන් ඇතුළු මෙම ප්‍රදේශයේ ගොවි ජනතාවට කිසිදු කරදරකින් තොරව සිය වගාවන් සිදු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙසද ඇය රජයෙන් ඉල්ලීමක් කළාය.

පොල් වලට ඉහල මිලක් ලැබේ යැයි සිතා,  දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ  ආරම්භ කල  මෙම පොල් වගාව මොහොතකින්   වන අලීන් විසින් විනාශ  කර දැමීම හේතුවෙන් තමන් දැඩි කම්පනයට සහ  අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් ඇය පැවසුවාය.

වන අලින් මෙසේ ගම් වැදීම හේතුවෙන් තන්තිරිමලය ප්‍රදේශයේ ජීවත්වන සියලු දෙනාගේ  වගාවන්ට පමණක් නොව, කුඩා දරුවන් ඇතුළු  මිනිස් ජීවිතවලටද  දැඩි බලපෑමක් එල්ල වන බව ද ගොවීහු පිරිසක් මෙහිදී පැවසූහ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *