තවමත් ඔවුන්ගේ නික්මයාම මවයි පියයි නොදන්නේ ඒ දෙදෙනාද මේ මොහොතේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නිසායි..
එසේ මියගොස් ඇති දැරිය මාතර නූපෙ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 10ක් වයසැති සෙනුදි දම්සරා නැමැත්තිය බවටද වාර්තා වුණා..
සිදු වූ අනතුරින් මියගිය දැරියගේ මව පියා සහ වැඩිමල් සොහොයුරියද බරපතල තුවාල ලබා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර බවද සඳහන් වුණු අතර, එසේ ඇතුළු කළ වැඩිමහල් දියණිය ද , මේ වන විට මියගොස් ඇති බවට වාර්තා වනවා..
ඇය නමින් , උබේසිංහ ආරච්චිගේ සදීෂා වන අතර, අයගේ වයස අවුරුදු 12වන බවටයි සඳහන් වන්නේ..
එසේම , මියගිය දැරියන්ගේ මව මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක් බවත්, පියා විදුලි බල මණ්ඩලයේ උසස් නිළයක් දරන තැනැත්තෙක් බවත් වාර්තා වනවා..
තවද , අනතුරින් මියගිය වැඩිමහල් දැරියගේ රෝගී තත්ත්වයකට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගෙන පසුව මාතර නිවස කරා පැමිණෙමින් සිටියදී , මෙම අනතුරට මුහුණ පා තිබෙනවා..
අනතුරට මුහුණ පෑ අනෙක් ලොරිය කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබියදී ,එම දිශාවටම ධාවනය වෙමින් තිබූ මෙම පිරිස රැගත් මෝටර් රථය ලොරියේ පිටුපස ප්‍රදේශයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ..






















