දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරින් 10 හැවිරිදි දියණිය මරුට

643

දක්ෂිණ අධිවේගයේ පින්නදූව ආසන්නයේ දී සිදුවු මාරක අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් තුවාල ලබා පුංචි දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රීයේ එම අනතුර සිදුව තිබූ බවය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 100 එල් හා 100.1 එල් ස්ථාන අතරදී කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය වූ කාර් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් කාර් රථයේ ගමන්ගත් එකම පවුලේ මව පියා සහ දියණියන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් දැරියක් මියගොස් ඇත.

එලෙස මියගොස් ඇති දරුවා අවුරුදු 10ක් වූ නූපේ, මාතර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර,  අනතුර සම්බන්ධ වැඩිදුර විමර්ශන ඉමදූව පොලීසිය මඟින් සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *