BREAKING NEWS
Search

සහල් ආනයනයට බාධාවක්?

182

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සහල් ආනයන අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අතර වෙළෙඳ අමාත්‍යංශයේදී අද (11) පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම ඉල්ලීම් දෙක ඉදිරිපත් වූ අතර එහිදී අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම තත්වය හමුවේ සහල් ආනයන කළ නොහැකි යැයි ආනයනකරුවන් අමාත්‍යවරයාට පවසා තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වන නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ සහල් ආනයනික බද්ද අඩු කිරීමට හෝ සහල් මිල ඉහළ දැමීමට කළ යෝජනාව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බවයි. ආනයනකරුවන් මේ වන විටත් සහල් ඇනවුම් කර මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බව නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *