හුරුබුහුටි පෙනුම තියෙන ලස්සන ලස්සන සුරංගනාවො වගේ කෙල්ලන්ගෙන් අපේ පුංචි තිරයට කවදාවත් අඩුපාඩුවක් තිබුණෙ නැහැ. එයාලගෙ නම ගම කියන්න ගියොත් මේ ලියවිල්ල හිතුවට වැඩිය දිග වෙන නිසා ඒ සුරංගනා නිළි කෙල්ලො අතරින් එක කෙල්ලෙක් ගැන මේ විදියට කතා කරන්න පටන් ගමු.
ඈ සුහන්දි උපෙත්මා වොසදි. තවත් විදියකට කියනවා නම් ‘මන්දාරම් කතාවේ’ අහිංසක විදූ ඇයයි. ීැැ ශදම ටෙලියේ කටකාර මෞලි ඇයයි.
ඇත්තටම ඈ සුරංගනාවක් තරම් ලස්සනයි. මේ සතියේ ‘හාට්’ එක හැඩකරන්න කැන්දගෙන ආවේ ඒ සුරංගනාවයි.
සුහන්දි, මේ දවස්වල ඔයා ටිකක් බිසී?
ඔව්. එහෙම කිව්වොත් හරි. විකාශය වන සහ ඉස්සරහට විකාශය වෙන්න තියෙන නාට්‍ය කිහිපයකම ෂූටින්වලට හිරවෙලා ඉන්නේ.
අවිවේකී බව හිතට වදයක් වාගෙද?
අපොයි නැහැ. මං ආසයි නිළියක් හැටියට එහෙම බිසී වෙනවට.
ඔයා ලස්සන කෙල්ලක් නිසාලු නිළියක් වෙන්න වාසනාව ලැබුණේ?
වැරැදි නිවුස් එකක්. මම නිළියක් වුණේ ලස්සන නිසා නෙවෙයි. අනෙක මගේ එහෙම විශේෂ ලස්සනක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.
ඔයා ඔයාගේ අම්මා වාගෙම ලස්සනයි කියලයි කවුරුත් කියන්නේ?
මගේ අම්මා නම් ගොඩක් ලස්සනයි තමා. හැබැයි මම එයින් අඟලක්වත් හැඩ නැහැ. ඒකයි මගේ අදහස.
නිළියක් වෙන්න හිතුණේ ඇයි එහෙනම්?
ඒක පුංචිම පුංචි කෙල්ලෙක් කාලේ ඉඳන් තිබුණු ලස්සන හීනයක්. ඒ හීනේ හැබෑවෙන තුරු ඇඟිලි ගැන්නා. ඒ වගේම ඒ හීනේ හැබෑ කරගන්න වෙහෙස වුණා. වර්ක් ෂොප්වලටත් නිතරම සහභාගි වුණා.
නිළියක වෙන්න ලැබුණු එක චාන්ස් එකක් ඔයා අතහැරියලු?
ඔව්. ඒ කාලේ එග්සෑම් එකකට පාඩම් කරන දවස්වල අම්මා කිව්වා ඉගෙනගන්න කාලේ නිසා ඒක බාරගන්න එපා කියලා.
ඊට පස්සේ ‘1990 ලව් බෝර්න් ඉන් ද හාර්ට්’ ටෙලියට ආරාධනා ලැබුණා?
ඔව්. නිල්මිණී තෙන්නකෝන් මිස්ගේ මගපෙන්වීම නිසා ප්‍රවීණ නිර්මාණ ශිල්පී රනිල් කුලසිංහ මට එයට ආරාධනා කළා.
ප්‍රවීණයන් රැසක එකතුව මැද ඔයා ආධුනික නිළියක වුණා?
ඇත්තටම මට ලැබුණු ලොකුම වාසනාවක් ඒක. පළමු සීන් එක ෂූට් කරපු මොහොත කවදාවත් අමතක වෙන්f්න නැහැ.
ඒ චරිතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ලොකු දෙයක් මට කරන්න නොතිබුණත් කවුරුත් මුල් වරට කළ ඒ චරිතය ගැන කතාකරන බව දැනුණා.
හිට් වුණේ ‘මන්දාරම් කතාවේ’ විදූගේ කැරැක්ටර් එක?
අදටත් මගතොටදී වැඩි දෙනෙක් මතක් කරන්නේ ඒක. ‘අන්න අන්න මන්දාරම් කතාවේ විදූ’ කියලා සමහරු එක් එක්කෙනාට කෑගහලා කියනවා ඇහෙනවා. පුදුම සතුටක් දැනෙනවා හිතට. ඇත්තමයි. ප්‍රේක්ෂකයන්ගේ ඒ ආදරය ගැන දැනෙන ළෙන්ගතුකම අසීමිතයි.
පුංචි කාලේ ඉඳන් දැකපු හීනේ. මේ තරම් දුරට ඔයාව අරන් යයි කියලා හිතුවේ නැද්ද?
කවදාවත් හිතුවේ නැහැ. හිතපු නැති විදියට ඒ හීනේ ජයගනිමින් ඉන්නවා.
ලස්සන රැලි කොණ්ඩෙ ස්ටේ්‍රට් කරන්න ඉන්නවා කියලයි ආරචිය?
අම්මෝ… මෙයාලා ඒකත් හොයාගෙන. එහෙම ආසාවක් තියෙනවා තමයි. ඒත් තවම හරියටම හිතලා නැහැ. බලමු.
ප්‍රේක්ෂකයෝ මනාප රැලි කොණ්ඩෙට. හිතන හැටියට ඒක ඔයාගේ අනන්‍යතාව වෙන්නැති?
ඒකත් එහෙමද? අනේ මන්දා. බලමුකො තව ටිකක් හිතලා.
රඟපාන්න ආසා විශේෂ චරිතයක් ගැන කියනවා නම්?
විවිධ චරිත ලැබෙනවට නම් ආසයි. සංකීර්ණ චරිතවලට මං ලෝභයි. අහිංසක පෙම්වතියට කොටුවෙන එක හිතට දුකක්.
තව හීන තියෙනවද සුහන්දි ඔය හිත් කොනේ?
ඉටුකරගන්න හුඟක් අමාරුයි කියලා හිතෙන ලොකුම ලොකු හීනයක් තියෙනවා. එක්කො ඒක නොකියා ඉම්මු. හිතන්න අමාරුයි ඒ හීනේ ඉටුවෙයි කියලා.
නොකියා යන්න බැහැ හොඳේ… ඉඟියක්වත් දෙන්න හාට් එකට…?
කවදාක හරි අපේ නිළි රැජින මාලනී ෆොන්සේකා වගේ කීර්තිමත් ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා. සත්තකින්ම කියනවා නම් මම ඇගේ ළඟින් ඉන්නවත් වටින්නේ නැතුව ඇති. ඒත් ඒ හීනෙට මං හරි ආදරෙයි.
හීන අතාරින්න එපා සුහන්දි. එහෙම නම් අපි සමුගනිමු ගුඩ්බායි…
ගුඩ්බායි… අමතක නොකර ලියන්න. මාව මේ තැන තියපු මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මමත් ගොඩක් ආදරෙයි කියලා…
දමයන්ති රේණුකා ප්‍රනාන්දු




















