රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මේ නිසා අනියම් ඇසුරක් ගොඩනගා ගත් දෙදරු පියා කුඹුරට යන නියාවෙන් නිවසෙන් පිටත්ව කුඹුරට යනවිට හෝ ආපසු එනවිට අනියම් ඇසුර පවත්වන තරුණියගේ නිවසට ගොඩවැදී තහනම් ගහේ ගෙඩි කන්නට පුරුදුව සිටියේය. මෙසේ ටික කලක් යද්දී මේ සිද්ධිය අවට ගම්වාසීන් දැනගත් අතර ඔවුන් මාර්ගයෙන් ඔහුගේ බිරිඳ ද දැනගත්තේය. සිද්ධිය කනවැකුණු ඇය මේ පිළිබඳව කුරුමානම් අල්ලමින් සිට මේ ආරංචිය සත්‍යයක් බව පසක් කර ගත්තාය. ඉන්පසු ඇය සැමියා හොර අඹුවගේ නිවසට යන වේලාව දැන සිය දරුවන් දෙදෙනාද සමග එම නිවසට ගියාය. ඇය දරුවන් දෙදෙනා සමග එද්දී එම නිවසේ දොර වසා තිබුණි. ඇය ඉදිරිපස දොරට තට්ටු කරද්දී නිවසේ වූ සිය සැමියාගේ අනියම් බිරිඳ දොර ඇරගෙන එළියට ආවාය.
බිරිඳ කී විට තරු පෙනුණ සැමියා යළි එවැනි වැරැද්දක් නොකරන බවට පොරොන්දු වී බිරිඳ ඉදිරියේ දණ ගසා ඇගේ දෙපා වැඳ බැගෑපත්ව සමාව ගෙන නිවසට කැඳවාගෙන ආවේය.ඉන්පසු කුඹුර අඳ ගොවියෙකුට දී අස්වැද්දුවා මිස ඔහු කුඹුරට ගියේ නැත.
චන්ද්‍රසිරි ගුණසේකර

















