මිහින්තලය පොලිස් වසමේ මිහින්තලය අනුරාධපුර මාර්ගයේ කුංචිකුලම ප්‍රදේශයේදී අද (11) මාරක අනතුරක් සිදුව තිබෙනවා.
මිහින්තලය දෙස සිට පැමිණි යතුරු පැදියේ ගමන් ගත් පැදිකරු යතුරු පදියෙන් වැටි හිස ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති අතර එම අවස්ථාවේ නුරාධපුර දෙස සිට මිහින්තලය දෙසට ගමන් කරමින් තිබූ ප්රාඩෝ වර්ගයේ ජිප් රථයකද මොහු ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු සඳහන් කළේ අදාළ පුද්ගලයා සිදු වූ බරපතල තුවාල හේතුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුද 27ක අවිවාහක තරුණයෙක්.


















