BREAKING NEWS
Search

දික්වැල්ලගේ ක්‍රිකට් තහනම ගැන ගත් තීරණය

223

ශ්ලං‍රීකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර තිබේ.

ඒ අනුව අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබේ.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වීමත් සමග නිරෝෂන් දික්වැල්ලට නැවත දැනුම්දෙන තුරු සියලුම ක්‍රිකට් තරග තහනම් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

එම තහනමට එරෙහිව දික්වැල්ල සිය නීතිඥවරුන් මඟින් අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය අනුව දික්වැල්ලට මෙම සහනය ලැබී තිබේ.

නීතිඥ සුමින්ද පෙරේරා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ රනිල් ප්‍රේමතිලක නිරෝෂන් දික්වැල්ල වෙනුවෙන් පෙනී සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *