BREAKING NEWS
Search

හැමෝටම ප්‍රශ්නයක් වූ කතානායකගේ උපාධිය ගැන තොරතුරු සියල්ල තලතා හෙළිකරයි

1076

කථානායක අශෝක සපුමල් රන්වල ජපානයේ විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකු නොවන බවත්, ඔහු එහි අධ්‍යාපනය ලබා නොමැති බවට එම විශ්ව විද්‍යාලයෙන් දැනුම්දුන් බවත්, හිටපු ඇමතිනි තලතා අතුකෝරළ පවසනවා.

මෙම තොරතුරු සත්‍ය නම් මෙරට තුන්වැනි තනතුර හොබවන පුද්ගයයෙකු එවැනි අසත්‍ය තොරතුරක් පතුරවමින් රට අගාධයකට යොමු කර ඇති බවයි ඇය සඳහන් කළේ.

මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඊයේ (10) ඇමතිනිය මේ බව පැවසුවේ.

එහිදී ඇය මෙසේද සඳහන් කළා.

”පාර්ලිමේන්තුවේ සටහන් වෙලා තිබුණේ ගරු ආචාර්ය අශෝක සපුමල් රන්වල කියන නමින් තමයි. අද නිකන්ම මේ වෙබ් සයිට් එකේ ගරු අශෝක සපුමල් රන්වල මහත්මයා හැටියට පත්වෙලා තියෙනවා. ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයේ තමයි එතුමා පශ්චාත් උපාධිය කරලා තියෙන්නේ කියලා සඳහන් වෙලා තියෙන්නේ.

එතකොට අපි ගාව තියෙනවා ජපානයේ ෂින්ජුකු නගරයේ වසේඩා විශ්ව විද්‍යාලයෙන් ගෙන්නගත්ත එකක්, එකේ තියෙන්නේ එහෙම කෙනෙක් එහේ අධ්‍යාපනය ලබලා නැහැයි කියලා. කථානායක කියන පදවිය මේ රටේ තුන්වෙනි තනතුර. ජනාධිපතිවරයා නැති වෙලාවක අගමැතිවරයා නැති වෙලාවක වැඩ බලන්න පත් වෙන්නේ කථානායකතුමා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමන්ලා, අග්‍ර විනිශ්චයකාරතුමා, අභියාචනාධිකරණ විනිශ්චයකාරතුමන්ලා, ඉහළ අධිකරණ විනිශ්චයකාරවරු, පොලිස්පතිවරයා විගණකාධිපති ඇතුළු මේ සියලු දෙනාගේම පත්වීම්, මේ ප්‍රධාන ඉහළ පෙළේ පත්වීම් ටික කෙරෙන්නේ මෙතුමා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන්.

ඔබ හොඳට කල්පනා කරලා බලන්න අපි මොනතරම් අනතුරකට ද මේ මාලිමා ආණ්ඩුව රට දාලා තියෙන්නේ කියලා. පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඇවිල්ලා, බැලින්නම් මොකක්ද මේ කරලා තියෙන්නේ. මේ මුළු රටම හොරා කන තැනකට අද මේ පත්වීමත් එක්ක පත්වෙලා තියෙනවා, මේ කරුණු ඇත්ත නම්.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *