වාලච්චේන අධිකරණයේ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ රටබීම වලට සිදු වි ඇති දේ

108

වාලචිචේන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙ තිබූ රටබීම බෝතල් 25 ක් සහිත පෙට්ටියක් අවස්ථානගත වී ඇතැයි සිද්ධියක් සම්බන්ධයෙන් වලච්චෙන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. 

අධිකරණයේ නඩු භාණ්ඩ බාර නිලධාරියා  ඊයේ (10) මේ සම්බන්ධයෙන් වාලචිචේන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි .

මෙය කුමන දිනයක සොරකම් කර ඇතිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම සොරකම සිදුකළ ඇති බව කියන සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිසිය සඳහන් කරයි.

වෙනත් පුවත්

ගින්නකින් වාද්දුවේ නිවසක් විනාශයි

වාද්දුව පොතුපිටියේ නිවසක් ගිනිගෙන මුළුමනින්ම අළුවී ඇති බව වාද්දුව පොලිසිය පවසයි .

මෙසේ ගිනිගෙන අළුවී ඇත්තේ වාද්දුව,පොතුපිටිය කරදගහ පාරේ ටී.අනුලාවතී මහත්මියගේ නිවස බව පොලිසිය කීය.

ගින්න යාබද නිවසකටද පැතිර යමින් තිබූ අතර ,ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව එය පාලනය කරන ලදී.

පළමුව ගින්න ඇතිවූ නිවස සහ එහි දේපල සියල්ල අළුවී තිබුණි.කළුතර නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණි අතර , ඒ වනවිටත් ප්‍රදේශයේ  තරුණ පිරිස ගින්න පාලනය කිරීමට සමත්ව තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *