BREAKING NEWS
Search

ආචාර්ය උපාධිය ගැන කථානායකවරයාගෙන් සැර පිළිතුරක්

967

කථානායක අසෝක රංවල මහතාට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජය තුළ මතභේදාත්මක කතාබහක් නිර්මාණය වී තිබේ.

විපක්ෂයේ පාර්ශ්ව පෙන්වා දෙන්නේ කථානායකවරයා තමාට සැබෑ ලෙසම ආචාර්ය උපාධියක් ඇත්දැයි තහවුරු කර පෙන්විය යුතු අතර රජය මෙම සමාජ සැකය දුරු කළ යුතු බවය.

කථානායක අසෝක රංවල මහතා මහ මැතිවරණයට තරගකිරීමටත් පෙර ඔහු පිළිබඳ කෙරෙන හැඳින්වීම්වලදී ආචාර්ය යන පදවිය භාවිත කෙරුණු අතර ඔහු කථානායක ධුරයට පත්වීමෙන් පසුවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඔහුගේ නම ආචාර්ය අසෝක රංවල ලෙස සටහන් කර තිබුණි.

කෙසේවෙතත් ඒ මහතාට නීත්‍යනුකූලව ලැබුණු පිළිගත් ආචාර්ය පදවියක් නොමැති බවට විශ්වාවිද්‍යාල මාහාචාර්යවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මත පළ කිරීමත් සමග සමාජයේ විවාදයක් නිර්මාණය විය.

ඒ සමග මේ වනවිට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්ද ඔහුගේ නමට ඉදිරියෙන් තිබූ ආචාර්ය කොටස ඉවත් කර තිබීම නිසා ඒ පිළිබඳ විවිධ පාර්ශ්ව සැක පළ කරයි.

මේ පිළිබඳව කථානායක අසෝක රංවල මහතාගෙන් අද දෙරණ විමසූ විට ඔහු පැවසුවේ තමා නිසි අවස්ථාවේ මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වන බවය.

source :අදදෙරණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *