BREAKING NEWS
Search

පොලිසියට දුන් ඇමතුම නිසා අනූ නමයෙන් දිවි බේරාගත් තරුණිය.

421

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කාන්තාවක් විසින් අද  අලුයම කඩුවෙල පොලිස් ස්ථානය වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන් යතුරු පැදියකින් කඩුවෙල පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටින බවත්, තමන්ව රිය අනතුරකට ලක්කර ඝාතනය කිරීම සඳහා පසුපසින් කාර් රථයක් පැමිණෙන බවත්, ප්‍රකාශ කර තිබෙනවා.
වහා ක්‍රියාත්මක වූ රාත්‍රී උප සේවයේ කාර්යය භාරය නිලධාරියා සහ ප්‍රධාන දොරටුවේ පොලිස් නිලධාරියා මාර්ගයට පිවිස ස්ථානාධිපතිවරයාගෙන් උපදෙස් ලබා සූදානමින් රැදී සිට ඇති අතර, අධික වේගයෙන් යතුරු පැදිය පසුපස පැමිණි කාර් රථය නැවැත්වීමට උත්සාහ ගැනීමේදී කාර් රථයේ රියදුරු පොලිස් නිලධාරීන්ද හප්පා පලා යාමටයි තැත්කර ඇත්තේ.

පොලිස් ස්ථානයේ උපසේවයේ කාර්යය භාර නිලධාරියා එම අවස්ථාවේදී කාර් රථයට වෙඩි තබා ඇතත් කාර් රථය පලාගොස් තිබෙනවා.

‍මේ වන විට 38 හැවිරිදි අදාළ කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇති අතර, කාර් රථය සහ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *