හඳුනානොගත් උණ රෝගයක්..දැනටම තුන්දෙනෙක් මරුට

1899

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

යාපනය ශීක්ෂණ රෝහලේදී දින දෙකක් ඇතුළත උණ රෝගයකින් පුද්ගලයින් තුන් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඊයේ (09) පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති ප්‍රකාශ කළේ, එසේ මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යවා ඇති බවයි.

උණ රෝගය වැළදීම නිසා මෙම පුද්ගලයින් රෝහල් ගතව සිටියදී මියගොස් ඇතත්, එම උණ රෝගය නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට පෙර ඔවුන් මියගොස් තිබීම නිසා රෝහලේ වෛද්‍යවරු බරපතල ප්‍රශ්නයකට මුහුණ් පා තිබෙනවා.

යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 42ක පුද්ගලයෙකු, නාවට්කුලි ප්‍රදේශයේ වයස අවුරුදු 32ක පුද්ගලයෙකු හා කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කළ වයස අවුරුදු 28ක පුද්ගලයෙකුයි මෙසේ මිය ගොස් ඇත්තේ.

යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සදහන් කළේ, උණ හා කැස්ස වැළඳී ඇති රෝගීන් වහාම ළඟම පිහිටි රජයේ රෝහල වෙත ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කර ගැනීම ඉතා වැදගත් බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *