BREAKING NEWS
Search

බලෙන් ගෙට පැනලා 21 හැවිරිදි අවිවාහක තරුණියට යුද හමුදා සෙබළෙක්‌ කල අහස පොලොව නුහුලන අපරාධය

78

21 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙක්‌ මරදන්කඩවල පොලිසිය මඟින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

20 හැවිරිදි වියේ පසුවන මෙම හමුදා සෙබළා නිවාඩු ලබා පැමිණ සිටින අතරතුර ඉකුත් දා මරදන්කඩවල පිහිටි 21 හැවිරිදි අවිවාහක කාන්තාවක පදිංචි නිවසකට අයුතු ලෙස ඇතුළු වී එම කාන්තාවට ලිංගික අතවර කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර හමුදා සෙබළා මන්නාරම ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනියුක්තව සේවය කරනු ලබන මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකාර හමුදා සෙබළා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *