BREAKING NEWS
Search

විදෙස් ගත වීමට සිටි තරුණයන් දෙදෙනා දුම්රියේ ගැටේ

182

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හලාවත වට්ටක්කල්ලිය දුම්රීය හරස් මාර්ගයෙ දී යතුරු පැදියක් දුම්රීයෙ ගැටි  සිදුවු අනතුරකින් එක් තරුණයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් තරුණයකු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබන බව හලාවත මූලස්ථාන පොලිසිය පැවසිය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හලාවත වට්ටක්කල්ලිය පදිංචිව දිනුක ශෂේන්ද්‍ර පෙරේරා නැමති 18 හැවිරිදි තරුණයකු බව කියයි.

කොළඹ සිට පුත්තලම බලා ගමන් කරමින් තිබු දුම්රියෙ මෙම තරුණයින් දෙදෙනා ගමන් කරමින් තිබු දුම්රීයෙ ගැටි තිබු බවත් අනතුරින් බරපතල තුවාල ලබා සිටි තරුණයා  එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව කියයි.

අනතුරීන් මරණයට පත්වු තරුණයාගේ මව පියා හා කුඩා සොහොයුරන් දෙදෙනා මාස කිපයකට පෙර ඇමරිකා පදිංචියට ගොස් ඇති බවත් දිනුක එහි රැගෙන යාමට නොහැකි වි ඇත්තේ ඔහු වෙනුවෙන් සකසා තිබු ලිය කියවිලි ගනනාවක තිබු ගැටළු හේතුවෙන් බවත් එය නිවැරදි විමේන් පසු ඔහුද ඇමරිකා යාමට සුදානමින් සිටි බව කියයි.

ඒ සමගම මෙම දුම්රීය අනතුරීන් බරපතල තුවාල ලබා මේ වන විට හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබමින් සිටින විසිහැවිරිදි තරුණයා  රැකියාවක් සදහා විදෙස් ගත විමට සුදානමින් අදාල ලියකියවිලි සකසා අවසන්ව අදාල විසා ලැබෙන තුරු රැදි සිට ඇති බව කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *