BREAKING NEWS
Search

මේ උත්සව සමයේ බිත්තර,කුකුළු මස් සහ සහල් මිලට සිදු වූ දේ

929

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තව නොබෝ දිනකින් එළඹෙන්නේ උත්සව සමය.

හාල්, පොල් වගේම බිත්තර සහ කුකුළු මස් ගැනත් මේ දිනවට වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා.

ඉතින් මේ උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන් කියලයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය කියන්නේ.

රුපියල් 35 ක 36 ක පමණ මිලකට බිත්තරයක් අලෙවි කෙරන බවත් ඔහුන් සදහන් කරනවා.

ඒ වගේම වෙළඳපොළේ ශීත කළ කුකුළු මස් රුපියල් 1000ක මිලකට පමණ අලෙවි වන බවද ඔහුන් කළා.
ඒ අතර

දඹුල්ල නගරයේ වෙළඳසැල් කිහිපයකම අද සිට පාලන මිල ගණන් යටතේ නාඩු සහල් සහ අනෙකුත් සහල් අලෙවි කරන අයුරු  දැකගැනීමට හැකි විය.

පොළොන්නරුව අරලිය සහල් තොග ලොරිපිටින් උදෑසනම වෙළඳසැල්වලට ලැබෙන අයුරුද දැකගැනීමට හැකිවු අතර  එහි පාලන මිල පවා මුද්‍රණයකට තිබීම විශේෂත්වයෙකි.

දඹුල්ල නගරයේ සතොස වෙළෙඳ සැලේ නාඩු සහල් එක් අයෙකුට කිලෝ  පහ බැගින්  කිලෝ වක් රුපියල් 220 කට අලෙවි කරන බව සතුට කළමනාකාරිත්වය සඳහන් කළේය.

දඹුල්ල නගරයේම ඇතැම් වෙළඳ සැල්වලින් රුපියල් 225 කටත් 230ටත් සහල් අලෙවිවෙද්දී ඇතැම් වෙළඳසැල් හිමියන් විසින් කියා සිටියේ අනෙකුත් මෝල් හිමියන් තොග මිල අඩු කර නැති නිසා  නාඩු හාල්  කිලෝවක් රුපියල් 250කට අලෙවි කරන බව සඳහන් කිරීමද විශේෂත්වයකි.

දඹුල්ල නගරයේ අද පොල් ගෙඩියක්  රුපියල් 140  සිට 170 අතර මිල ගණන් යටතේ මහ මග සහ තැන තැන අලෙවි කරන අයුරුද දැකගැනීමට හැකි විය.

අරලිය සහල් තොග සහ සිල්ලර අලෙවි කරන වෙළඳසැල් හිමියෙකු සඳහන් කළේ  වැඩි මිලට ඇනවුම් කළ සහල් කිලෝ   විසි දහසක් තමන්ට උදෑසන වන විට වෙළද සැලට ලැබුණු බවයගඑහෙත් උදෑසන අරලියසහල්නියෝජිතයකු දුරකථන ඇමතුම් ලබා දී පාලන මිලට අලෙවී කරන ලෙසත් තොග මිල අඩුකොට ලබාදෙන බව ප්‍රකාශ කළේ යැයි එම වෙළෙන්දෝ පැවසූහ.

සහල් තොග මිලදී ගැනීම සඳහා පැමිණ සිටි කුඩා වෙළෙඳ ව්‍යාපාරිකයන් කියා සිටියේ රටින් සහල් ගැනීම සිදු  නොකළ යුතු බවත් මෝල් වල ඇති සහල් මේ ආකාරයෙන්ම එලියට ගැනීමට ජනාධිපතිවරයාට හැකි බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *