BREAKING NEWS
Search

තම්මිට වෙඩි තැබීමක් – අයෙක් මරුට

228

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගම්පහ තම්මිට මාර්ගයේ යතුරු පැදියකින්  ගමන් කර සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි  පුද්ගලයන් දෙදෙනකු කළ  වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා අද(08)වන දා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මියගොස් ඇතිි බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ තම්බිට මා කේවිට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

යතුරු පැදියෙන් පැමිණි සැකකරුවන් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම පුද්ගලයාට වෙඩි තබා ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

ස්ථානීය පරීක්‍ෂණ නිලධාරීන්  පැමිණ පරීක්‍ෂණ සිදු කර තිබූඅතර මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරා ගාරයේ තැන්පත් කර ඇත.

ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *