කළුතර උතුර ප්රදේශයේ පාද සම්බාහනය කරන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.
ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ය.
එම වැටලීමේ දී එහි සේවය සැපයූ කාන්තාවන් තිදෙනෙකු සහ එම ආයතනයේ කළමනාකරු බව පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වීය.
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් අකුරැස්ස, බුත්තල සහ බුලත්සිංහල ප්රදේශයේ පදිංචිකාරිනියන් වේ.
අත්අඩංගුවට ගත් කළමනාකරු වයස අවුරුදු 23ක අයෙකු බව පොලිසිය සඳහන් කළේ ය.
කළුතර මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත උපාය දූතයෙකු යොදවා සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ ප්රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකාරියන් රුපියල් 4000ක මුදලකට සේවය සපයා ඇති බවයි.



















