විවාහයට වයසක් අදාළ වෙන්නේ නැහැ කියන එකට තවත් උදාහරණයක් තමයි මේ …
100 හැවිරිදි බර්නි ලිට්මන් සහ 102 හැවිරිදි මාර්ජෝරි ෆිටර්මන් ලොව වයස්ගතම අලුත විවාහ වූවන් ලෙස ඉතිහාසයට එක් වෙලා තියෙනව.
ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වූයේ ෆිලඩෙල්ෆියා හි මහලු නිවසක වන අතර දෙදෙනාම සිය කලින් සහකරු සහ සහකාරියගේ අභාවයෙන් පසුව එම නිවස වෙත ගොස් තිබෙනවා .
දශක ගණනාවකට පෙර ඔවුන් පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ සිසුන් ලෙස ද හමු වී තිබීම මෙම විවාහයේ තවත් විශේෂත්වයක් වනවා .
Guinness World Records ඔවුන් 2024 දෙසැම්බර් 3 වන දින වයස්ගතම අලුත විවාහ වූ යුවළ ලෙස තහවුරු කරලා තියෙනවා .
ඉතින් මේ දෙන්නගේ විවාහයට පවුලේ අය, මිතුරන් සහ මහලු නිවාසයේ සෙසු පදිංචිකරුවන් එක් වෙලා තියෙනවා .























