අලෙවි කිරීම සඳහා වාලම්පුරි 04ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මාදම්පේ සහ වෙන්නප්පුව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකරුවන් මාදම්පේ සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචි 41 හැවිරිදි හා 42 හැවිරිදි දෙදෙනෙකි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කරුවලගස්වැව වනජීවි කාර්යාලය වෙත භරදී ඇති බව සඳහන් වේ
වෙනත් පුවත්
ඇමැති ජනපති බංගලා ගැන ලබන සතියේ තීරණයක්
ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිතය.
මේ අතර ඇමැති බංගලා තමන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස විවිධ පුද්ගලයන් සහ ආයතන 15 ක් පමණ ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඇමති බංගලා කුලියට දෙන ලෙස විවිධ ආයතන හතක් පමණ මෙසේ ඉල්ලීම් කර ඇත. මීට අමතරව විනිසුරුවන් තිදෙනෙකුද ඇමති බංගලා තමන්ගේ පාවිච්චියට දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම ඉල්ලීම් සියල්ල රජයේ අවධානයට ඉදිරිපත් කළ බව අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය. මේ අතර ඇමැති බංගලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට යොදවා ගත හැකි බවට අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් රජයට යෝජනා කර ඇතැයි වාර්තාවේ.


















