BREAKING NEWS
Search

හිතාගන්නවත් බැරි විදිහට වෙනස් වූ රත්තරං මිල

1462

පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් ඉහළ යාමක් සිදුව තිබෙනවා.

මේ අනුව, ඊයේ දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 763,288ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,930ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,690 ක් සහ රුපියල් 23, 570 ක් ලෙසයි සඳහන් වූයේ.

වෙනත් පුවත්

යාපනයම බිය කළ හොරෙක් මාට්ටු

යාපනය, කෝපායි, අච්චුවේලි, චුන්නාකම් ප්‍රදේශවල ජනතාව බියට පත්කරමින් රාත්‍රී කාලයේ නිවාසවලට පැන කෝටි ගණනක මුදල්, රන්බඩු ඇතුළු දේපොළ කොල්ලකෑ සැකකරුවකු පොලිසියට ජීව අත්බෝම්බයකින් පහරදීමට යාමේදී  වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමේදී යාපනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ උදරය ප්‍රදේශය ද සපා කා තුවාල සිදුකර ඇති අතර තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරු විසින් කොල්ලකෑ රන් භාණ්ඩ පවුම් 50 ක් පමණ පොලිසිය සොයාගෙන ඇති අතර විදේශ රටක නිෂ්පාදිත  අත්බෝම්බය ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි යාපනය හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩර මහතාගේ මෙහෙයවීම පරිදි සහකාර පොලිස් අදිකාරී දිස්ත්‍රික් (I) ජරූල් මහතාගේ මගපෙන්වීමෙන් පරිදි යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුණසේකර,පොලිස් සැරයන් (67547) කුමාරසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (88486) කපිල්දාස්, (37747) සිල්වා, (12208) පියසේන, (99986) දේශප්‍රිය 7230 විජය කාන්ත යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *