රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
වාහන ආනයනය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත දිනයක් රජය හෝ කිසිම නිලධාරියෙක් විසින් ප්‍රකාශයට පත්කර නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ප්‍රසාද් මානගේ අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සදහන් කළේ දෙසැම්බර් මස අග හෝ එළඹෙන වසරේ ජනවාරියේ දී බස් සහ ලොරි රථ ආනයනය සඳහා අවසර ලබා දෙනු ඇති බවට විශ්වාසයක් පවතින බවයි.
එහිදී පළමු පියවර ලෙස එම වාහන ආනයනත්, දෙවන පියවර ලෙස්නි වාණිජ මට්ටමේ වාහන ආනයනය සඳහා අවධානය යොමුව ඇති බවත් සඳහන් කළ ඔහු, අනෙකුත් වාහන ආනයන සඳහා රට තුල පවතින විදෙස් සංචිත ප්‍රමාණය මත පියවරෙන් පියවර කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම, මේවන තුරුත් වාහන මෙරටට ආනයනය සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙල ඉදිරිපත් කර නොමැති බැවින්, විවිධ පාර්ශ්වයන්ගේ ප්‍රකාශයන මත පදනම්ව තමන් සතු වාහනය විකීණීම සඳහා ඉක්මන් නොවන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

















