BREAKING NEWS
Search

සහල් තොග හා සිල්ලර මිල පිළිබද ජනපතිගෙන් දැඩි තීරණයක් – නවතම මිල මෙන්න

381

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සහල් තොග හා සිල්ලර මිල පහත දැමීමට ජනපති අනුර කුමාර විසින් සහල් ව්‍යාපාරිකයින්ට අද (07) උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් ජනවාතව ලබා දෙන ලෙසටයි ඔහු උපදෙස් ලබා දී ඇත්තේ.

එමෙන්ම, එහිදී මේ පිළිබඳව ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු විසින් පාරිභෝගික අධිකාරියට දැනුම්දී තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, සහල් ව්‍යාපාරිකයින් සමග අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව, සහල් මිල පහත පරිදි නියම කර තිබෙනවා,

නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225ක් ලෙසත්, සිල්ලර මිල රුපියල් 230ක් ලෙසත්,
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215ක් ලෙසත්, සිල්ලර මිල 220ක් ලෙසත්,
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220ක් ලෙසත්,
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235ක් ලෙසත්, සිල්ලර මිල රුපියල් 240ක් ලෙසත්,
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255ක් ලෙසත්, සිල්ලර මිල රුපියල් 260ක් ලෙසත්, මිල නියම කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *