කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ජලයෙන් යට වී පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන බවයි.
එමෙන්ම, පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණයත් සමඟ සිදු වූ වගා හානි පිළිබඳව ලබන 10 වනිදාට පෙර දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
එම දැනුම්දීම්වලින් අනතුරුව නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානිය පිළිබඳව ඇස්තමේන්තු කරන බව එම රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ජලයෙන් යට වූ වගා බිම් 25%කට පමණ හානි වී ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
වෙනත් පුවත්
පිටකොටුව පලතුරු, සාප්පු භාණ්ඩ වෙළඳසැල් පරික්ෂාවට
උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සිදු කරන විශේෂ වැටලීම් වලට අනුව, පිටකොටුව පලතුරු වෙළඳසැල්, සාප්පු භාණ්ඩ වෙළඳසැල් සහ පැරණි නගරශාලා ගොඩනැගිල්ලේ වෙළඳසැල් අද (07) පරික්ෂාවට ලක්කර තිබෙනවා.
එහිදී ආනයනකරුගේ විස්තර නොමැති චුයින්ගම් අලෙවි කිරීම, පාසල් උපකරණ මිල ප්‍රදර්ශනය නොකර විකිණීම පිලිබදව වෙළදුනට එරෙහිව ක්‍රියාමාර්ග ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියේ.
පැරණි නගරශාලා ගොඩනැගිල්ලෙහි සිදුකල වැටලීමකදී කිසිදු තොරතුරක් සදහන් නොවූ හදුන්කූරු නිශ්පාදනය සදහා යොදාගන්නා රසායනික ද්‍රාවණ විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
මෙම විශේෂ වැටලීමේ වැඩසටහන ලබන වසරේ ජනවාරි මස 15 දින දක්වා ක්‍රියාත්මකයි.




















