BREAKING NEWS
Search

අම්මටයි දුවටයි දෙන්නටම එකවර මව් පදවිය ලැබිලා

1476
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක රිදීගම සෆාරි උද්‍යානය මේ වනවිට දෙස් විදෙස් බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්.
දේශීය හා විදේශීව සත්ත්ව විශේෂ රැසකින් සමන්විත රිදීගම සෆාරි උද්‍යානය එහි වෙසෙන සිංහ පවුල හේතුවෙන් කා අතරත් ජනප්‍රියයි .

ඊට දැන් තවත් වටිනාකමක් එක් තිබෙන්නේ එහි සිංහ පවුලට අලුතින් එක්වුණ මේ නව සාමාජිකයින් සමගයි.

පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඩෝරා දැන් සිංහ ධේනුවක්.

එපමණක් නොව ඇය දැන් සිංහ පැටවුන් තිදෙනෙකුට මවකද වී තිබෙනවා .

එම පටවුන් තුන් දෙනාම ගැහැණු පැටවුන්.

ඩෝරා උපත ලද්දේ ද රිදීගම සෆරි උද්‍යානයේදීම වන අතර, ඇයව මව විසින් ප්‍රතික්ෂේප කිරීම සමග ඩෝරාගේ ජීවිතය බේරා ගැනීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.

මේ වනවිට ඩෝරා නිරෝගිමත් පැටව් තුන්දෙනෙකු බිහිකර ඇති අතර පැටවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රිදීගම සෆාරි උද්‍යාන පාලනාධිකාරිය පවසන්නේ.

මේ අතර, ඩෝරාගේ මව වන ලාරාද තවත් සිංහ පැටවුන් තුන්දෙනෙකු බිහිකර තිබීමත් විශේෂත්වයක්.

ඒ අනුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතුව අලුත උපන් සිංහ පැටවුන් 06 දෙනෙකු සිටින අතර, ඔවුන් ඉදිරි දිනවල ජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *