BREAKING NEWS
Search

පන්තියට පරක්කු වෙයි කියා බය වුනාද ? යතුරුපැදිය තාප්පයක ගැටී පාසල් ශිෂ්‍යයෙක්ට අත් වූ සෝචනීය ඉරණම

265

යාපනයේ සුෂිපුරම් හන්දියේ දී යතුරුපැදියක් තාප්පයක ගැටීමෙන් එහි ගමන්ගත් පාසල් සිසුන් දෙදෙනකුගෙන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා 5 දා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

වයස අවුරුදු 17 ක සිසුවකු යතුරුපැදිය පදවාගෙන පෞද්ගලික උපකාරක පන්තියක් වෙත යමින් සිටියදී ඔහුගේ මිතුරෙකුද අතරමගදී එම යතුරු පැදියට නංවා ගෙන තිබේ.

පන්තියට ගෙවිය යුතු මාසික ගාස්තුව නිවසේ අමතක කොට පැමිණි දෙවැනි සිසුවා තම මිතුරාට ඒ බව ප්‍රකාශ කිරීමෙන් පසුව යතුරුපැදිය හරවා ගෙන ආපසු නිවස වෙත එමින් සිටිය දී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව එය තාපප්යක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මියගිය සිසුවා සුෂිපුරම් වික්ටෝරියා විද්‍යාලයේ අපොස උසස් පෙළ පන්තියේ ගණිත අංශයේ ඉගෙනුම ලබන සිසුවෙකි. වඩුක්කෝඩෙයි පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *