මෙහෙම විපතක් වෙයි කියලා ඔහුවත් ඔහුගේ පවුලේ අයවත් කිසිම මොහොතක හිතන්න නැතුව ඇති…
ඊච්චන්කුලම් පොලිස් වසමේ පේරාරු ජලාශයේ පිටවානේ ඇලේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු ඊයේ දියේ ගිලී ඇතුරුදහන්ව ඇති බවට ඊච්චන්කුලම් පොලිසියට වාර්තා වූ බව සඳහන් කරනවා.
පොලිසිය හා ප්රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ අයගේ මෘත ශරීරය ඇළ ඉවුර අයිනේ රැදි තිබියදී සොයාගෙන තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 28ක් වන තරණිකුලම් ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඊච්චන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

















