BREAKING NEWS
Search

පැන්සලක් නිසා අවුරුදු තුනේ සිගිත්තිය අකාලයේ මිලින වෙයි

1502

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

යාපනයේ, පේදුරුතුඩුව, තිරුමාල්පුරම්, වල්ලිපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු තුනහමාරක කුඩා දරුවකු අනාරක්ෂිත ළිඳකට ඇද වැටීමෙන් පෙරේදා (5 දා) සවස මියගොස් තිබේ.

මෙම දරුවා පැන්සලක් සමග සෙල්ලම් කරමින් සිටියදී හදිසියේම නිවස අසල වූ අනාරක්ෂිත ළිඳට එම පැන්සල වැටී තිබේ. එම පැන්සල අහුලා ගැනීමට ළිඳට පාත් වූ දරුවා එයට වැටීමෙන් පසුව දියේ ගිලී ඇත.

අසල්වාසීන්ගේ ආධාර ඇතිව එම දරුවා පේදුරුතුඩුව රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කොට තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ රජීවන් සුජිත් නමැති පිරිමි දරුවෙකි. දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රෝහලේ තබා ඇත.

පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *