BREAKING NEWS
Search

දේවාල වල පොල් ගැසීමට සිදු වි ඇති දේ මෙන්න

182

රට පුරා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පොල් මිල හේතුවෙන් දිවයිනේ බොහෝ ආගමික ස්ථානවල පොල් ගැසීමේ ශාන්ති කර්මය එකට එකක් අඩුවී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.

විශේෂයෙන්ම කතරගම, නවගමුව, සීනිගම දේවාලය, දෙවුන්දර දේවාලය, කැලණිය දේවාලය, ඓතිහාසික මහනුවර දේවාල පරිශ්‍රයන්, මිනුවන්ගොඩ ගලේ දේවාලය ඇතුළු රට පුරා පවතින කුඩා දේවාලවල පවා මේ වන විට පොල් ගැසීමේ කටයුතු අඩුව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

කතරගම දේවාල භූමිය ආශ්‍රිතව තිබෙන පොල් අලෙවිසැල්වල මේවන විට පොල් නොමැති බවත්, බැතිමතුන් පැමිණියත් පොල් ගැසීම් නොකරන බවත් කතරගම හිරු වාර්තාකරු කේ.ඩී දේවප්‍රිය සඳහන් කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *