එළැඹෙන වසරේ සිට පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන නිල ඇඳුම් සඳහා වන රෙදි වෙනුවට මසා නිම කළ නිල ඇඳුම් ලබා දීමට රජය බලාපොරොත්තු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
අද (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමේදී විශාල රෙදි ප්‍රමාණයක් අපතේ යාම හේතු කොට ගෙන මෙම තීරණයට එළැඹීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වෙනත් පුවත්
මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදනාගාරයට සීල් තබයි
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට ඊයේ මුද්‍රා තබා ඇත.මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව එහි මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබුණි.
එම නියෝගය ප්‍රකාරව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් හා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත.


















