BREAKING NEWS
Search

12 ට අඩු ළමුන් වෙළෙද ප්‍රචාර සඳහා යොදාගැනීම තහනම්

88

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වයස අවුරුදු 12 ට අඩු ළමුන් වෙළද ප්‍රචාර කටයුතු සදහා යොදා ගැනීම ජනවාරී 01 වනදා සිට නවතා දමන බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය බලාත්මක කිරීමටද කටයුතු යොදා අවසන් බවයි.

වෙනත් පුවත්

ධනවතුන්ගේ අඩු වීමක්

දෙසැම්බර් 05 වනදා නිකුත් කරන ලද ස්විස් බැංකු වාර්තාවක් අනුව චීනයේ සිටින ධනවතුන් සංඛ්‍යාව පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

එම වාර්තාව පවසන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වත්කම් සහිත චීනයේ පුද්ගලයින් සංඛ්‍යාව 520 සිට 427 දක්වා පහත වැටී ඇති බවයි.

2023 වසරට සාපේක්ෂව එය කැපී පෙනෙන අඩුවක් බව එම වාර්තාව පෙන්ව දෙනවා.

ඊට ප්‍රධාන හේතුව චීනයේ දේපල වෙලඳපොලේ ඇති අභියෝග සහ මූල්‍ය අංශයේ කැළඹීම් බව පවසන එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ස්විස් බැංකු වාර්තාව අනුව චීනයේ ධනවතුන් ලැයිස්තුවෙන් පුද්ගලයින් 132 දෙනෙකු ඉවත්ව ඇති අතර, නව ප්‍රකෝටිපතියන් 42 දෙනෙකු එකතු කර ඇති බවත්, තිදෙනෙකු නැවත ස්ථානගත කර ඇති බවයි.

මේ අතර එම වාර්තාවේ දත්ත සඳහන් කරමින් එම මාධ්‍ය වාර්තා පවසන්නේ සමස්තයක් වශයෙන්, චීනයේ ප්‍රකෝටිපතියන්ගේ ධනය සියයට 20කින් අඩු වූ අතර එය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *