වයස අවුරුදු 51ක මෙම පුද්ගලයා ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙළුනු පුද්ගලයෙකු බවට ද නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිට ඇති අදාල පුද්ගලයා එහි 7වන මහළින් බිමට පැනීමට උත්සහ දරන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබු අතර ඒ අනුව පොලිස් නිළධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් ඔහු වැළැක්වීමට උත්සහ දරා තිබුණත් එම උත්සහය ව්‍යර්ථ වන අයුරු අදාළ වීඩියෝ පටය මගින් ද පෙනෙන්නට තිබුණා.
කෙසේ නමුත් ඔහුගේ එම වෑයම වැළැක්වීමට පොලිසිය උත්සහය දැරුවත් ඔහු ඉන් මිදී අදාළ අනතුර සිදුකරගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

















