තහනම් පෙමක සුවඳ බලන්න ගිය තරුණයෙකුට අමතක නොවෙන පාඩමක්

1753
ඌව පළාතේ ඈත ගමක රූමත් කාන්තාවක් වාසය කළා… ඇය දුර ගමන් යන රියැදුරන්ට තේ පැන් බීමට හැකි කඩයක් පවත්වාගෙන ගියා…
මේ අතර නිතර එන වෑන් රථ රියැදුරකු සමග ඇය හිතවත්කමක් ගොඩ නගා ගත්තා…

ඇගේ සැමියා වැඩිපුර ගෙදර පැමිණියේ නැහැ…. ඒනිසා ඔහුට ගෙදර එන්නට ලැබෙන්නේ මාසයකට හෝ දෙකකට වරක් පමණයි…

තම නිවෙසට දහවල් කෑමට එන ලෙස කාන්තාව දිනක් තම හිතවත් රියැදුරුට ආරාධනා කළා… ඔහුද ඉබ්බා දියට දැමුවා සේ ටිකක් හවස් වන්නට හැර එම නිවෙසට ගියා…ඔවුනට කාලය ගතවන වේගය ගැන අවබෝධයක් තිබුණේ නැහැ…

එක්වරම ගෙදර දොරට තට්ටු කරන හඬක් ඇසී කාන්තාව ජනේලයෙන් එබී බලලා..

දුටු දෙයින් ඇයට දොළොව රත් වෙලා… දොරට තට්ටු කරන්නේ ඇගේ සැමියා බව දුටුවිට….

ඔහු සමග ඔහුගේ යහළුවෝ දෙදෙනෙක් හිටියාලු… ඇය සාලේ වාඩිවී සිටි වෑන් රියදුරා බිත්ති අල්මාරිය ඇතුළට රිංගෙව්වාලු….

අනතුරුව දොර ඇර සැමියා සහ මිතුරන් සුහදශීලීව පිළි අරගත්තාලු…

බිත්ති අල්මාරියේ සිරවූ රියදුරා හුස්ම අරගෙන තිබෙන්නෙත් අපහසුවෙන් ඒ එහි කුඩා සිදුරකින්… ඒ සිදුර නැතිනම් ඔහු එලොව ගිහිල්ලා…. තහනම් ගෙඩි කන්නට සූදානමින් සිටි කතටත් ඇගේ හොර සැමියාටත් ලේ ඉණුවේ පසුදා කුකුළා හඬලන යාමයේදි ලු…

සැමියාත් මිතුරනුත් මුහුණකට සෝදා ගන්නට ගිය සැණින් ඈ බිත්ති අල්මාරිය විවෘත කරලා එහි වකුටුවී දාඩිය පෙරාගෙන සිටි සොර සැමියා එළියට අරගත්තාලු… අරුණෝදයේ  පවතින අඳුරද හොර සැමියාගේ වාසියට හේතු වෙලා ඔහු පණ කඩාගෙන දිව්වාලු…

පස්සේ ඔහු මේ සිදුවීම ඔහුගේ හොඳම මිතුරාට කිව්වාලු.. ඒ මිතුරා තවත් මිතුරෙක්ට කිව්වාලු… මෙහෙම ගොඩක් අය මේ කතාව දැන ගත්තාලු…

” ආ.. මචං උඹ රේස් එකක් දිව්වා නේද ? ” කියලා… දැන් හැමෝම ඔහුට හිනා වෙනවලු…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *