ලෙබනන -ඊශ්‍රායල යුද්ධයට මැදි වු ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට

119

මැදපෙරදිග   ලෙබනන – ඊශ්‍රායල යුද්ධය නිසා , අසරණ වූ , ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

කුඩා ළමයින් 05 දෙනෙකු , කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පිරිසට අයත් වී තිබුණි .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීම සදහා සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව පියවර ගෙන තිබුණි .

ඒ අනුව මේ වනවිට ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු මේ අකාරට රැගෙන විත් තිබේ .

වෙනත් පුවත්

ජාතික ආරක්ෂාවට බලපාන අසත්‍ය තොරතුරු ප්‍රචාරය එපා

වඩා හොඳ රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී  මාධ්‍ය පිටස්තරයන් නොව එහි කොටස් කරුවන්  බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව කීවේ අද (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදීය.

ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බව කී ජනාධිපතිවරයා ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙස  සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කළේය.

දේශපාලන සහ ආර්ථික කරුණු වලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව  ප්‍රශ්න කිරීමට හෝ  විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික ආරක්ෂාවට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන  ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *