රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පවතින හිගයට පිළියමක් ලෙස ලංකා සතොස ආයතනය මගින් වරකට නාඩු සහල් කිලෝ 5ක් සහ පොල් ගෙඩි 3 ක් පාරිභෝගිකයින්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ නාඩු සහල් කිලෝවක් රුපියල් 220 කටත්, පොල් ගෙඩියක් රුපියල් 130 කටත් අලෙවි කරන බවයි.
කෙසේ වෙතත්, සහල් කිලෝ ලක්ෂ 2 බැගින් සතොස හරහා ඊයේ සිට වෙළෙඳපොළට නිකුත් කරන බවට විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවද අද පස්වරුව වනවිටත් එම අලෙවිසැල් වෙත සහල් ලැබී නොතිබු බවට වාර්තා වනවා.
ජනතාව ද චෝදනා කළේ අමාත්‍යවරයා පැවසූ ආකාරයට සතොස හරහා සහල් ලබා ගැනීමට පැමිණිය ද තමන්ට සහල් නොලැබුණු බවයි.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි සතොස අලෙවි සැල් 147ට නාඩු සහල් සහ පොල් බෙදා හැරීම පස්වරුව වන විට සිදුකෙරුණු අතර ඉදිරි දින කිහිපයේදී සියලු සතොස අලෙවිසැල්වලට බෙදාහැරීමේ කටයුතු සිදුකර අවසන් කිරීමට පියවර ගන්නා බවයි සතොස සභාපතිවරයා සදහන් කළේ.
පොල් සඳහා පවතින අධික මිල හමුවේ කොළඹ මරියකඩේ ප්‍රදේශයේදී පොල් බෑය බැඟින් අලෙවි කිරීමට ද වෙළදුන් කටයුතු කළා.
මේ අතර ආනයනයන කරනු ලබන සහල් කඩිනමින් පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් රේගුව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
අද පස්වරුවේ කොළඹ කැදවා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ කියා සිටියේ වරායට පැමිණෙන නෞකාවල පවතින සහල් පැය 04 ක් ඇතුළත ඉන් පිටතට යැවීමට කටයුතු කරන බවයි.
Source :hirunews

















