විදුලි ගාස්තු සම්බන්ධයෙන් සුබ ආරංචියක්

637

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ඉදිරිපත් වී සති 06ත්08ත් අතර කාලයකදී විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බවයි.

කොමිසම වැඩිදුරටත් පැවසූවේ නව ගාස්තු සංශෝධන යෝජනාවලිය ලැබීමෙන් පසු එය අධ්‍යනය කර මහජන අදහස් විමසීමට කටයුතු කරනා බවයි.

මේ අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ අදාල විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් එය හෙට (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට බාරදීමට නියමිත බවත් ය.

වෙනත් පුවත්

රේගු භාණ්ඩලවලට ලංසු දැමීමේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය ජනවාරි සිට

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ අළෙවි කිරීමේදී ගැණුම්කරුවන්ට ලංසු ඉදිරිපත් කිරීමට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් ලබන ජනවාරි මස 1 වැනිදා සිට හදුන්වා දෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (5) පැවසීය.

රේගුව පසුගියදා මැණික් තොගයක් අළෙවි කිරීමට ලංසු කැඳවූ බවත් එහිදී ඉහළම ලංසුව ඉදිරිපත් කළ ගැණුම්කරු කිසියම් පිරිසකගේ හෝ පුද්ගලයකුගේ බලපෑම හේතුවෙන් ලංසුව ඉවත්කරගෙන ඇති බවත් අරුක්ගොඩ මහතා කීය.

එම තත්වය හේතුවෙන් මැණික් අළෙවි කිරීම අත්හිටුවා පරීක්‍ෂණයක් පවත්වන බව කී අරුක්ගොඩ මහතා එවැනි දේවල්වලින් රජයට විශාල මූල්‍ය පාඩුවක් වන බව ද සඳහන් කළේය.

ඒ සඳහා පරිගණක තාක්‍ෂණ ක්‍රමයක් ජනවාරි සිට ලංසු ඉදිරිපත් කිරීමට හදුන්වා දෙන බවත් එය ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම පුද්ගලයෙක්ට ලංසු ඉදිරිපත් කළ හැකි ක්‍රමයක් බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *