BREAKING NEWS
Search

පුංචි අම්මෙක් දැරියකට කල අහස පොලොව නුහුලන අපරාධය

403

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකදී 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියකට අමානුෂික ලෙස පහරදී ඇයගේ කොණ්ඩය කපා දමා කෲරත්වයට පත් කලැයි දැරිය ගේ පුංචි අම්මා අද (5) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක්.

සිය පුංචි අම්මාගේ කෲරත්වයට පත් ව තුවාල ලැබු 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරිය මහියංගණ මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .

මෙම දැරියගේ මව මීට වසර කීපයකට ඉහතදී මියගොස් ඇති බවත් , පියා වෙනත් විවාහයක් කරගෙන එම කාන්තාව සහ මෙම දැරිය සමග එකම නිවසක පදිංචිව සිටින බවත් පොලිසිය සදහන් කළේය .

අමතර පංතියකට ගිය දැරිය යලි නිවසට ඒමට ප්‍රමාද වූවායි කෝපයට පත් මෙම සැකකාර කාන්තාව දැරිය නිවසට පැමිණ පසුව අතින් පයින් අමානුෂික ලෙස පහරදී යාබද නිවසකින් කතුරක් ගෙනවිත් දැරිය ගේ කොණ්ඩය කපා දමා දැරිය කෲරත්වයට පත් කර ඇති බවත් පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *