කොළඹ කොටුව රෝහල පාරේ පිහිටි ප්රධාන පෙලේ හෝටලයක අද (05) ගින්නක් හට ගෙන තිබෙනවා.
මේ වන විට ගිනි නීවීමේ රථ ගින්න මැඩ පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 10ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන ඒකකය සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


















