BREAKING NEWS
Search

කළු දිලීරය පසෙහි අඩංගුයි – ප්‍රතිශක්තිකරණය අඩු අයට වැළඳිය හැකියි

137

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දැඩි කතාබහට ලක්වී තිබෙන ඉන්දියාවේ ඇතැම් කොවිඩ් රෝගීන්ට වැළඳී තිබෙන කළු දිලීර රෝගය පිළිබඳව සමාජයේ කථාබහක් ඇති වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මෙරට සෞඛය අංශ අදහස් පළකර තිබේ.

මේ සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇති වූයේ දිලීරය ආසාදිත රෝගියෙක් අම්පාර ප්‍රදේශයෙන් හමුවී තිබීමත් සමගය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය සඳහන් කරන්නේ එම රෝගයේ දත්ත අනුව මෙරටින් 2019 සිට කළු දිලීරය ආසාදිත පුද්ගලයින් හමුවී තිබෙන බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.

ඒ අනුව ඇය සඳහන් කර තිබෙන්නේ “මියුකොමයිකොසිස්” නමින් හැඳින්වෙන එම රෝගය 2019 වසරේදී රෝගීන් 42ක් වාර්තා වී තිබෙන බවත්,2020දී 24 දෙනෙකුත් 2021 මේ දක්වා කළු දිලීර රෝගීන් 24 දෙනෙකුත් වාර්තා වී තිබෙන බවත්ය.

දිලීරය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බවත් ,එම දිලීරය අපේ රටෙහි පස් වල තිබෙන බව මෙන්ම ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන්ට එය වැළඳිය හැකි බවත් සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය,

“ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ට වැළඳුණු මේ කළු දිලීරය ගැන අපේ සමාජයේ කථා වෙනවා. මියුකොමයිකොසිස් කියලා අපි මේකට කියනවා. ඒ දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවෙයි. අපිට 2019 වසරේදී කළු දිලීර රෝගීන් 42ක් වාර්තා වෙලා තියෙනවා. 2020දී 24 දෙනෙකුත් 2021 මේ දක්වා කළු දිලීර රෝගීන් 24 දෙනෙකුත් වාර්තා වෙලා තිබෙනවා. නමුත් මේ කිසිම රෝගියෙකුට කොවිඩ් -19 ආසාදනය වෙලා නැහැ. මෙතෙක් මෙරටින් කොවිඩ් -19 රෝගීන්ට මියුකොමයිකොසිස් ආසාදනය වෙලා ඇති බවක් අපිට වාර්තා වෙලා නැහැ. ඒ දිලීරය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙයි. එය වර්ධනය අවශ්‍ය සියලු පරිසර සාධක අපේ රටේ තිබෙනවා. එම දිලීරය අපේ පස් වල තිබෙනවා. එම දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන්ට.”

Source – Aruna.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *