BREAKING NEWS
Search

ඇගලුම් සේවක සේවිකාවන් 50ක් රෝහලට

219

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ මාස් ඇක්ටිව් ෂැඩෝලයින් ඇගලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ , කම්හල මගින් ලබා දුන් උදෑසන  ආහාර අනුභව කිරීමෙන් පසුව , අද (05) දින උදෑසන 09.00 පමණ සිට රෝගාතුර වීම නිසා මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ .

මෙම සේවක සේවිකාවන් පිරිස මීගමුව මහ රෝහලේ අංක 02 සහ අංක 03  වාට්ටු වල මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසු වේ.

ක්ලාන්තය , වමනය , පාචනය වැනි රෝග ලක්ෂණ මෙම රෝගී වූ සේවක සේවිකාවන් මගින් දිස් වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය .

මේ පිළිබඳ කටුනායක පොලිසිය , මීගමුව රෝහල් පොලිසිය , සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *