හදුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් කොංගෝ රාජ්‍යයයේ පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙම රෝගී තත්වයට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ, වයස අවුරුදු 15ත් 18ත් අතර පිරිස් බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එමෙන්ම මෙම උණ රෝගී තත්වය හේතුවෙන් තවත් 300කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා කරනවා.
වෙනත් පුවත්
ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා එයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (05 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් අද(05) දින අලුයම 02.55 ට දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .




















