BREAKING NEWS
Search

පුංචි රන්ඩුවකට ඒ තරම් පලිගැනීමක් – ආදරය ඉල්ලු පෙම්වතියට පෙම්වතා කල අපරාධය

306
ආදරය කියන්නේ මොන තරම් පිවිතුරු හැඟීමක් වුණත්, සමහර වෙලාවට මේ වගේ අවාසනාවන්ත කතා ඇසෙන වෙලාවල් ඕනෑතරම් තියනවා..
වයස අවුරුදු 23යි.. මේ වගේ ඉරණමක් ඇයවත් ඇයට ආදරය කරන කිසිවෙක් වත් කිසි දිනක ප්‍රාර්ථනා කරන්නේ නැතුව ඇති.. ඇයි ඇයට මේ වගේ ඉරණමක්.. මේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි..

ඒ කතාව ඇසෙන්නේ සිරිපාගම පොලිස් වසමේ කැටවල ප්‍රදේශයෙන්…

පුද්ගලයෙක් විසින් තරුණියකට සිදුකළ පහරදීමකින් ඇය ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23ක් වූ රත්නපුරය ප්‍රදේශයේ පදිංචිකාරියක්…

ඇයට පහරදීම සිදු කළ පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ..

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා සිරිපාගම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *