‘ෆොටෝ ෂූට්’ එකක් සඳහා ගැහැනු ළමයින් තෝරා ගන්නා බවට පළ වූ මුහුණු පොතේ දැන්වීමකින් හඳුනාගත් පුද්ගලයකු සිය ජංගම දුරකථනයට එවූ කෙටි පණිවිඩයකට අනුව ගිය අනුරාධපුර නගරයේ රූපලාවන්‍ය ශිල්පිනියක දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ අනුරාධපුර නගරය ආසන්නයේ පදිංචි 23 හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනියකි. මුහුණු පොත ඔස්සේ හඳුනා ගත් පුද්ගලයා එම තරුණිය අමතා කැමරා ශිල්පියකු වන තම ආයතන ප්‍රධානියා අනුරාධපුර නගරයේදී තරුණිය හඳුනා ගැනීමට කැමති බවත් ‘පොටෝ ෂූට්‘ එක පිළිබඳව සියලු විස්තර එහිදී කතා කර ගැනීමට හැකි බවත් පවසා ඇත. ඒ අනුව මෙම රූපලාවන්‍ය ශිල්පිනිය ත්‍රිරෝද රථයකින් අනුරාධපුර දහයියාගම හන්දියේ සිට මල්වතු ඔය අසල පිහිටි හෝටලයකට රවටාගෙන රැගෙන ගොස් ඇති සැකකරු හෝටල් කාමරය තුළදී ඇයට අතවර කළ බව පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධියට මුහුණ පෑ තරුණිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පොලිසිය සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇත.
මිහින්තලේ රංග චතූ


















