ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130 බැගින් විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වෙනුවෙන් පොල් ගෙඩි ලක්ෂ දහයක් මුදා හරින බවද අමාත්‍යවරයා කීය.
“පොල් නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයට අයිති ආයතන පද්ධතියක් තිබෙනවා.රජයේ වතු වල පොල් නිෂ්පාදන නාගරික ජනතාවට රුපියල් 130 ට විකුණන්න අප කටයුතු කරනවා.
එමෙන්ම දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් රුපියල් 220 මිලකට මුදා හැරීමට සහල් මෝල් හිමියන් එකඟ වී තිබෙනවා” යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
වෙනත් පුවත්
බූස්ස බන්ධනාගාරයේ දුකරථන උපාංග තොගයක්
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තිබී බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය වන ජංගම දුරකථන උපාංග තොගයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය.
බන්ධනාගාර රෝහලේ සහ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් එළියේ තිබී මෙම දුරකථන උපාංග තොගය සොයාගත් බවත් ලද තොරතුරකට අනුව බන්ධනාගාර රෝහල් භූමිය තුළ සෝදිසි මෙහෙයුමකදී ක්‍රියාත්මක කළ බවත් එම නිලධාරියා කීය.
බන්ධනාගාර රෝහළ තුළ සහ බන්ධනාගාරය තුළ තිබී ජංගම දුරකථන චාජර් 5 ක් සහ ඩේටා කේබල් 8ක් සොයාගත බව කී එම නිලධාරියා එම උපාංග තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර අධිකාරීවරයා වෙත භාරදුන් බව ද වැඩි දුටත් සඳහන් කළේය.

















