එකම පවුලේ 4ක් රෝහලට යැවූ බිහිසුණු දුම්රිය අනතුර

355

මාගාල්ල ශ්‍රි සුධර්මාරාම  විහාරස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ දි    ගාල්ල සිට බෙලිඅත්ත බලාධාවනය වෙමින් තිබු දුම්රියක කාර්රථයක් ගැටිමෙන් කාර්රථයේ ගමන්ගත් එකම පවුලේ සිව් දෙනෙකු  සුළු තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලට ඇතුලත්කොට ඇති බැව්  කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

මාගාල්ල කච්චුවත්ත විහාරස්ථානයේ පැවති පුජාවකට සහභාගිවිමට ඊයේ(03)  රාත්‍රී  මොවුන් මෝටර් රථයකින් යමින් සිටියදි  මෙම අනතුරට ලක්ව ඇත.

මෙම අනතුරෙන්  අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දරු දෙදෙනා තුවාල ලබා ඇති බවද  රෝහල් පොලිසිය පවසයි.

අඹු  සැමි යුවළ වයස අවුරුදු 42,හැවිරිදි වියේ පසුවන අතර දරු දෙදෙනා වයස අවුරුදු 10, හා 08 වැනි වියේ පසු වෙති.

මොවුන්  ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *