BREAKING NEWS
Search

ලියුම් බෙදන්නා ලිපිත් සමග අමුතු දෙයක් බෙදලා

190

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොටහේන ප්‍රධාන කාර්යාලයේ ලියුම් බෙදන්නා රුපියල් ලක්ෂ 20කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 110 ක් පොලිස් භාරයට ගෙන ඇත.

තැපැල් කාර්යාලයක ලියුම් බෙදන්නෙකු. නිල ඇඳුමින් සැරසී හොරයින්  මත්කුඩු රැගෙන බොරැල්ල වනාත මුල්ල ප්‍රදේශයට පැමිණ සිටින බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ පොලිස්‌ කණ්ඩායමක්   සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ලිපි බහාලන  මල්ල තුළ ලිපි අතර සඟවා තිබූ හොරයින් මත්කුඩු තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.

කොටහේන  ප්‍රදේශයේම පදිංචි සැකකරු මත්කුඩු බෙදා හැරීම සඳහා වනාන්ත මුල්ලට පැමිණ ඇතිබවට පොලිසිය සැක කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර ලියුම් බෙදන්නා පදිංචි කොටහේන නිවස විශේෂ සෝදිසියට ලක්කිරීම සඳහා ඊයේ (3) රාත්‍රියේම විශේෂ පොලිස්‌ කණ්ඩායමක් යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය .

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *