BREAKING NEWS
Search

කෝච්චියේ එල්ලී සෙල්ෆි ගන්න ගිය විදෙස් කතට අත් වූ ඉරණම

263

ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 20 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි .

ඉරානයේ සිට මෙරට සංචාරයක් සදහා පැමිණ ඇති     37 හැවිරිදි ඉරාන ජාතික විදේශික කාන්තාවක මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය කීය .

මැය  තවත් කිහිපදෙනක් සමඟ ඇල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ඇල්ල ඕඩ්සි සංචාරක දුම්රියේ න් නානුඔය බලා  ගමන් කරමින් සිටියදී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනීමට යාමෙදි     ඔහීය  ඉදල්ගස්හින්න අතර පිහිටි දුම්රිය බිංගෙයි ගැටී ධාවනය වෙමින් තිබූ දුම්රියේ න් ඇද වැටී ඇති බවත් පොලිසිය පැවසීය .

පසුව එම දුම්රියේ දමා ගෙන මැය නානුඔය දුම්රිය ස්ථානය ට රැගෙන ගොස් පසුව 1990 ගිලන් රථයක දමා ගෙන නුවරඑළිය රෝහලට රැගෙන ගොස් ඇතුළත් කළ බවද පොලිසිය සදහන් කළේය .

මේ අතර පසුගිය දින කීපය තුලදී  කොළඹ කොටුව බදුල්ල අතර ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ සහ රාත්‍රි තැපැල් දුම්රිය න් වල ගමන් ගත් විදේශීය සංචාරකයන් මෙන්ම සරසවි සිසුවියක සෙල්ෆි ජායාරූප ගැනීමට යාම්දී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *