BREAKING NEWS
Search

මං කාටවත් ගැහුවේ නෑ මන්ත්‍රී සුජිත්

141

තමා කාටවත් පහර දුන්නේ නැතැයි  කෑගල්ල  දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සංජය පෙරේරා මහතා මේ බව පැවසූයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

සුජිත් සංජය පෙරේරා:-

මම එතුමාට පහර දුන්නැයි මෙතුමා බරපතල ප්‍රකාශයක් කරනවා.එහෙම කිසි දෙයක් සිදුවෙලා නෑ.මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.එතුමා මට තර්ජනය කළා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-

යාපනයේ ස්වාධීන  මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයට ඇවිත් බොහොම අශෝභන ලෙස හැසිරුණා.ඔහු නොගැළපෙන වචන, කුණුහරුප කිව්වා.ඒ ගැන අපි කතානායකතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා.සමහරු උගත් උනාට බුද්ධිමත් නෑ.මේ ගැලපෙන්නෙ නැති මන්ත්‍රීවරු විපක්ෂයේ වාඩි කරන්න එපා.වෙන තැනක වාඩි කරවන්න.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *