රාත්‍රී කාලයේ හදිසි රථවාහන සෝදිසි කිරීම් පොලිස්පතිවයාගේ සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ උපදෙස් මත මේ දිනවල රටේ විවිධ ප්‍රදේශවල සිදු කරනු ලබනවා.පසුගිය 29දා අලුයම එකට පමණ රත්නපුර කොළඹ ප්‍රධාන පාරේ වෙරලුප හන්දියේදී රත්නපුර පොලිසියේ ජංගම පොලිස් මුර කණ්ඩායමක් වාහන සෝදියක නිරතවී තිබුණා…
පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා වූයේ උපපොලිස් පරීක්ෂකවරයෙක්…
පොලිස් කණ්ඩායම මේ වෙලාවේ කොළඹ දෙසට එමින් තිබූ කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් නතර කර තිබුණා..
ඒ වෙලාවේ සැරයන් සහ කොස්තාපල් වාහනයේ රියදුරු වෙත ගොස් රිය බලපත් සහ ආදායම් සහතික රක්ෂණ සහතික පරීක්ෂා කළ අතර වාහනය ඇතුළත බලනවිට දුම්වැටි දල්වාගෙන කොණ්ඩ වවාගෙන තරුණයින් සිව්දෙනෙකු සිටින ආකාරය ඔවුන් දැක තිබුණා.. ඔවුන්ගෙන් තොරතුරු විමසූ විට ප්‍රකාශ කර ඇත්තේ, කතරගම වන්දනාවේ ගොස් ආපසු නිවෙස් බලා යන ගමන් බවත්, තණමල්විල, උඩවලව හරහා ආපසු එනවා කියලලු…..
වාහනය පරීක්ෂා කිරිමට වාහනයෙන් බසින ලෙස පොලිසියෙන් උපදෙස් දුන්නද දුර ගමනක වෙහෙස නිසා තරුණයන් වාහනයෙන් බැස්සේ හිතෙන් පොලිසියට දොස් තබමින්…
කොහොම වුණත් වාහනය ඇතුළත කිසිදු සැකකටයුතු දෙයක් නොවූ අතර තරුණයන් තිදෙනෙක් මෝටර් රථයට යළි ගොඩවුණා. මේ අතර රිය පදවාගෙන ආ තරුණයාට පොලිසිය උපදෙස් දුන්නේ වාහනයේ ඩිකිය විවෘත කරන ලෙසයි. එහිදී ඔහු ඩිකියේ ඇත්තේ ගමන්මලු සහ ආහාර ගැනීමට ගෙනා පිගන් කෝප්ප බව නුරුස්සනා ස්වරූපයකින් පවසමින් ඩිකිය විවෘත කරලා…
පොලිස් නිළදාරීන් විසින් ඩිකිය ඇතුළට විදුලි පන්දම අල්ලා නිරීක්ෂණ කරන විට ගමන් මලු අතරේ වැඩුණු සර්පයෙකු දැක තිබෙනවා.
‘ බුදු අම්මෝ ! මෙන්න සර්පයෙක් ….. ඩිකියේ සර්පයෙකු දාගෙන යන්නේ ඇයි ….’
පොලිසිය විමසූ අතර විදුලි පන්දම් එළියෙන් ඒ නාගයෙකු බව පැහැදිලි වෙලා..එය ඇසුණු මෝටර් රථයේ වාඩි වී සිටි තරුණයෝ තිදෙනා මෝටර් රථයෙන් බැස්සා නොව ඉබේ එළියට පැනලා…
“සර් අපි තණමල්විලයි උඩවලවයි අතර ඉරිගු කඩයක් ළඟ නවත්වලා කාර් එකේ පසුපස කැලේ පැත්තට හරවා නවත්වලා එතන තිබුණ ලැලි බංකු උඩ වාඩිවෙලා, ගිමන් අරින ගමන් ඉරිඟු කැවා. කාර් එකේ ඩිකිය ඇරලා තිබුණේ.
ඊට පස්සේ අපි ඩිකිය පරීක්ෂා නොකර වහල පිටත්වුණා. කොහෙවත් නැවැත්තුවෙ නෑ. ” යනුවෙන් පැවසුවාලු…
බෑග් අතර සිටි නාගයා දුටු තරුණයෙක් ක්ලාන්ත පත් වෙලාලු… කොහොමහරි අවසානයේදී පිරිස විසින් අඩි හතරක් පමණ වූ දැවැන්ත නාගයා ඉවත් කර පරිසරයට මුදා හැරීමට කටයුතු කර කරලා…




















